එක්වන්නට වරම් නොලද නමුදු සිත තවමත් සොයන්නේ ඔබවම යි. පෙර දා එකට අත් පටලන් මඳ අඳුරේ ඇවිදන් ගිය හැටි සිහිවන හැම මොහොතකම සිත ඔබට ආයාචනා කරන්නේ යළිත් ඒ සොඳුරු අවස්ථාවන් යළිත් මා දිවියට - මොහොතකට හෝ - ළං කරන ලෙස ය. එකිනෙකාගෙන් වෙන්වී ගෙවන චිත්ත පීඩාධික ජීවිතය සුළු මොහොතක් හෝ සනසාලන්නේ අපේ ආදරයෙන් බැවිනි.
අසීරුවෙන් සිර කරගත් සොඳුරු හැඟුම් වලට ඉඩ දෙන්නට කාලය පැමිණ තිබේ. මේ මඳ අඳුර අප පිළිගන්නට බලා සිටී... ඉතින්... මේ අතිශය සොඳුරු ඇරයුම ඔබටයි....
---
පෙම්වතාගේ අහිංසක ආයාචනය තුළ බොහෝ සොඳුරු ආදරනීය සොඳුරු හැඟුම් ගැබ් වී තිබේ...
හඳ පාන සහ මඳ අඳුර වූ කලී අනුරාගයට අත වනන අතිශය සොඳුරු කාරණාවන් ය. තම පෙම්වතිය හා අත් පටලාගෙන මඳ අඳුරේ යන්නට පෙම්වතා කරන ආයාචනය තුළ පෙම්වතුන්ගේ නිද්‍රාගත හැඟීම්වල ප්‍රකාශනයක් දැකිය හැකිය.
මේ ගීතයේ සොඳුරුතම පද කිහිපය කුමක් දැයි කිසිවෙකු විමසුවහොත් දෙසිතක් නොසිතා පවසමි.
"ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී...
මම මගෙ සෙවනැල්ලෙන් මිදී..."
එයින් ප්‍රකාශිත ආදරයේ සොඳුරුතම මොහොත හැඟුම්බර ය. ඊටත් වඩා ශෘංගාත්මක ය. ප්‍රකාශිත කාරණය "සෙවණැල්ලෙන් මිදීම" ලෙස ගලපන්නට ප්‍රේමකීර්ති ද අල්විස් නම් ප්‍රතිභාපූර්ණ ගීත රචකයා නිර්මාණාත්මක වී තිබේ.
---
සිතින් ලඟ උන්නත් ගතින් දුර හිඳ ගෙවන මේ ජීවිතයේ හැඬුම් හසරැල්ලෙන් සිර කර අනාගතය ගැන ප්‍රාර්ථනා පුරන්නට ඇරයුම් කරමි. හෙට හිමිදිරියෙන්ම වෙන්වී යා යුතුව ඇත. ලඟ ඉන්නට තහනම් මේ ලෝකයේ අසම්මත පෙම් කතාවක කොටස්කරුවන් ලෙස අප වෙන්වී යමු... ඔව්... සත්තකින්ම...
මතු ආත්මයේ යළි හමුවන පැතුමින්...
--------------------------------------------
අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . .
හඳ පානේ ... මඳ අඳුරේ . . .
අත් පටලා යමු ආයේ . . .
ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී . .
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳ පානේ මඳ අඳුරේ . . .
හඳ පානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ . . .
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම් . . .
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ ...
හඳ පානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ . . . .
·······························································
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : වික්ටර් රත්නායක
●●● Like & Share us! ●●●
░ http://www.facebook.com/HithaGaawa ░
No comments:
Post a Comment