Thursday, November 8, 2012

ඔබ හීනයක් වගේ - දීපිකා ප්‍රියදර්ශනී

████████████████████████

ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී...
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමි...//

මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කදුලැලි දරන්
මම මඟ බලා සිටියා...
නෙතු ඝණදුරට තරුවක් වෙලා
ඔබ ‍එතැයි සිතා...
සිල් බිදලන්න නොහැකි නිසා
මම මග බලා සිටියා...

ඔබ හීනයක් වගේ...//

මේඝ දුක් හද රැදුනා
සඳ එළිය නිවුනා
අඳුර මැද තනිවී...
පහන් දොරකට සවන් දොර හැරුනා
තරු ඇසත් පිපුණා...
සඳ ලබන්නී මා...
සරා සඳ ලඟ මා...

·································································
පද රචනය : උපුල් ශාන්ත සන්නස්ගල
සංගීතය : රෝහණ වීරසිංහ
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්


අහන්න මෙතනින්
Click here to Download


මා සනසා - මර්වින් පෙරේරා

████████████████████████

මා සනසා  මා නලවා ...
සුරංගනාවන් හෙමින් ඇවිල්ලා
හදේ ලැගුම් අයදී...//

විතක් මදු පෙරා ගෙනල්ලා සුරන් රවටලා
ඇසක් ඉගිමරා රැගුම් පා මුවට යාකලා...
හැගුම් තෙරපිලා දෝ හසුන් මුසවෙලා
සිහින ලොවක පාවේ සදුන් සිහිල යාවී...

රැයක් නිදිමරා සරගී ලවන් වෙහෙසිලා
යලිත් එනතුරා සුරන් ගී හිදිමි මග බලා...
හෙටත් සද උදාවී රැයක් පැමිණිලා
සිහින ලොවක යාවී සුරඹ මා සොයාවී...

·································································
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
සංගීතය : රෝහණ වීරසිංහ
ගායනය : මර්වින් පෙරේරා

අහන්න මෙතනින්
Click here to Download

රාත්‍රිය උදා වුණා - ටී.එම්. ජයරත්න

████████████████████

රාත්‍රිය උදා වුණා
නින්ද ඇයි නොඑන්නේ...
රාත්‍රිය උදා වුණා
නින්ද ඇයි නොඑන්නේ...
රාත්‍රිය උදා වුණා...

ඔබ හමුවූ දා පටන්
මා හදවත අවදියෙන්...//
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්...

රාත්‍රිය උදා වුණා...

ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින්...//
සිත තැවුල් මවාලයි
පුරා රැය නිතින්...

රාත්‍රිය උදා වුණා...

························································
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ
ගායනය : ටී.එම්. ජයරත්න


 අහන්න මෙතනින
Click here to Listen

Saturday, November 3, 2012

විකසිත පෙම් - ඩබ්ලිව්. ඩී. අමරදේව

███████████████████████████

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ...

හිතේ කඳුලු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා...

තනිකම රජයන පාළු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ
මැණික්‌ පහන් වැට දැල්වේවා...

········································································
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය - පණ්‌ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව

බාගන්න මෙතනින්
Click here to Download